අසරන අපි

දුන්නෝතින් මටත් පුතෙක් අප්පච්චී ඔයා මගේ ලැබුනෝතින් දූ පැටියෙක් සදාකල්ම මැනික මගේ තඹවන් වූ යල ඉපැනැලි පියෙකුගෙ දුක් ගින්න වගේ පියානනේ ඔබෙ සෙනෙහස පැරකුම් සමුදුර වගේ පුංචි දුවේ නුඹ වෙනුවෙන් කදුලු බිදක් නොහෙලුවාට වාන් දමන්නට සැරසෙන දියකද, සිරකරලා නෙත් අගිනට කිරි වෙහෙරේ වැලි මලුවට පෑයු සද වූ අම්මා මට නැති මුත් ඒ සිසිලස නුඹට උරුම වූ අම්මා දුන්නෝතින් මටත් පුතෙක් අප්පච්චී ඔයා මගේ ලැබුනෝතින් දූ පැටියෙක් සදාකල්ම මැනික මගේ වියලි ගිය වැව් පිටියත් මවකගෙ ලය මඩල වගේ මෑනියනේ ඔබෙ සෙනෙහස බෝ මලුවේ සිසිල වගේ ඉඩෝරයට සිහිල සලන කොසඹ රුකක් සේ වැජබෙන එතී ගොසින් දලු ලන්නට නොහැකි උනත් අගුන වැලට අතීතයේ මතක රදන පීදුනු සුදු මල් කැකුලී තුරුළු කරන් නැලවිලි ගී මුමුනන්නම් සෙත් කවියක් සේ බැතියෙන් දුන්නෝතින් මටත් පුතෙක් අප්පච්චී ඔයා මගේ ලැබුනෝතින් දූ පැටියෙක් සදාකල්ම මැනික මගේ තඹවන් වූ යල ඉපැනැලි පියෙකුගෙ දුක් ගින්න වගේ පියානනේ ඔබෙ සෙනෙහස පැරකුම් සමුදුර වගේ

0 comments:

Post a Comment